සිනාසෙන නුවන් .....
සිනාසෙන ඔය නුවන් ම'නෙතු ගැටෙන විට
දන්නේ න මන් නුඹට සෙනෙහෙ වග
මාවත දිගේ පියමනින නුඹේ රුව දකින්න
නෙතු පෙළගැසී බලාසිටියා හැම දිනකම
නුඹ සිනාසුනා දුටුව හැම දිනකම
මම සිනාසුනා සිතට බර දරාගෙන
ප්රේමය මෙතරම් තිගැස්සෙන සුළුවීද යත්
වටහාගත නොහැක පරිණතවූ මගේ සිතට
වදනකට නොපෙරෙලෙන මුමුණන සිවුනෙතු
කවදා දොඩමලුවේද නෙතින් නොව මුවින් අපි
නුඹ දකින මට දැනෙන සංවේදී අපේ පෙම
කවර දින මල්වරව හිනැහෙයිද අපේ සිත්
No comments:
Post a Comment
Please comment