Pages

Saturday, June 22, 2013

මකරන්ද තවරාලු ......

හිරිපොද වැස්ස දිගේ නුඹ එනවද තෙමි තෙමි .....
මකරන්ද තවරාලු පිනිබිදු ඉස සිත සසලව පිපි .....
සද තරු නිහඩ ඝන අදු දුරුකරන් තනිව 
පැයු තරුව නුඹ මගේ ලෝකෙට එලිය දී ....
හිත හිරි වට්ටමින් නිබදව සෙනේ පුදන් 
කීරි ගැහුණු මල් මුවරද විසිර ගිහින් 
නිලඹර තරුණ මුත් , ප්‍රේමය සැසදෙද්දී ....
මල් වරුසා වැස හිරු පුබුදියි සිතල දුරැර 
අදත් වහින්නේ නුඹ එන බව කියන්නද 
සිතල හිරිගඩු නැංවූ හෝරාවන් අවසන් වගයි .....

Friday, June 7, 2013


ජමිලා නුඹ කොයි ගියේ ......


තිරුගු යායේ දුවපැන ඇවිද්ද රුවැත්තියේ ....
ගී ගයමින් ,නටමින් ....සෙවූ තාලය ......
ජමිලා ....නුඹ ජීවමානයි මගේ හිත අද්දර 
විසුරුණු කෙහිරැලි ... තඹවන් දිගු දෑස ....
ජමිලා .....නුඹ ජීවිතය සෙවූ හැටි .....
දුක හිතෙන හැන්ද යාමයට ගුලි කරන් කදුළු බිදු ....
තාරකා අතරින් මග බලන් ස්වාමියා එනු ඇතැයි ....
ගෙවීගිය දවස් යුද්ධයට ශාප කරමින් ....
ජමිලා ..... තිරිගු යායේ හැඟී ... මතුවේවි .....
හද ගැහෙන රිද්මය ... අනේ .... මට ඇහුන ....
නැහුනසේ .... සිටින්නම් මම ......
නුඹේ හිත මං දන්නවා ... යන්න එපා සැගවිලා ....
නුඹ ජීවිතය හොයනකොට ........
පැටලිලා ... මං මගේ හිතට 
අසම්මතය ...නුඹට සම්මත නැ ....
සත්තයි නුඹ අහිංසකයි .... එත් ....
සැගවිලා පලායන නුඹේ රුව නොපෙනී යනකන් 
මං බලන් ඉන්නම් .... නුඹට සුබ දවසක් ....

Monday, June 3, 2013

මල් හීන 

හීන දකින්න පෙරුම් පිරුව ඇස් දෙකට 
කදුළු කඩන් වැටෙනවා .....
හෝ ගාගෙන හිත සුසුම්ලනවා 
නුඹ රිදවනවා මාව ....
ගෙවෙන හැම තප්පරයකම 
ආදරෙයි කියල .....හිත පිරිමැද්දට 
මං කෝම දකින්නද .....
රුදුරු වදන් මුවගින් ගිලිහෙද්දී 
ඇස් පුපුරා ....කදුළු .....
දොරේ ගලනවා ...... කියන්න මට 
නුඹේ ආදරය මේකද කියා .....