Pages

Saturday, April 27, 2013




දෙවොන්දරා ......

ආදරය අනියත බව නුඹ මට කිව්වා ....
එත් මට ආදරය කිව්වනේ ....
කබුකි බලන්න මන් අසයි ....නුඹ මාව කැටුව ගියා 
සිතල හිමේ පිපුණු සකුරා මලක් වගේ 
මගේ හිත ගැහුනා ....
දෙවොන්දරා ...ඇයි ..... නොරිකො අමතක 
මන් හැමදාම නුඹ ලගින් හිටියා ....
එත් .... දෙවොන්දරා සන් .....නුඹ ......
මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ 
මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
කප්පරයක් තරම් මට ආදරේ දීල ....
නුඹ යන්නම ගියා ....
මේ පාළු සොහොන් බිමේ නුඹ තනියම ....
මන් කෝම ... මගේ ආදරය දාල යන්නද ....
දෙවොන්දරා .... මගේ දෙවොන්දරා ....
මේ සිත මට දරා ගන්න බැ .....
නුඹ නැතුව මට පාළුයි .......




හිත මන්දාරම් ....

නුඹත් එක්ක ඇවිද යන්න 
දෑතේ වේලි සිනාසෙන්න  
කෝල සිතින් පෙම් කරන්න 
නුඹ එන්නේ කවදද මන්දා ......
හිත මගේ ලග .... වත දුර ඇතයි 
හීන පිරුණු ලොවක් ලග 
මගේ හිත මන්දාරම් ....
කොද කැකුළු පුදිමින් ......
නිසංසලේ නුඹ එයිදැයි 
කියන් මට තාරකාවෙනි 
පිනි කදුළු අතුරන්න පෙරාතුව 

Friday, April 26, 2013



සිහිනයක් වූ නුඹ ....

වරෙක නුඹ මට කවියක් විය .....
ජීවිතය පුරා නින්නාද වන .....
ගීතයක් තරම් මියුරු විය .....
දෙසවන් වැකුණු ගී හඩ අසන්න 
කොතෙක් මා ප්රියවිද .....

සිහිනයෙන් මෙන් නිබද ඇසෙන 
ගී රාවය ...... බොහෝ නිමේශයන්හි 
'සිත පෙලනවා ඔබ සිහිවී ......
සැනෙකින් .... ඔබේ රුව 

බොදවූ මතකයෙන් එබී බලනවා ....
සිහිනයක්දයි කියා මට සිතෙනවා .....
එනමුදු මට හැගෙනුයේ 
නුඹට වඩා සිහිනය ...... සුන්දර වූ වගයි .....

Thursday, April 25, 2013




සිනාසෙන නුවන් .....

සිනාසෙන ඔය නුවන් 'නෙතු ගැටෙන විට 
දන්නේ මන් නුඹට සෙනෙහෙ වග 
මාවත දිගේ පියමනින නුඹේ රුව දකින්න 
නෙතු පෙළගැසී බලාසිටියා හැම දිනකම 

නුඹ සිනාසුනා දුටුව හැම දිනකම 
මම සිනාසුනා සිතට බර දරාගෙන 
ප්රේමය මෙතරම් තිගැස්සෙන සුළුවීද යත් 
වටහාගත නොහැක පරිණතවූ මගේ සිතට 

වදනකට නොපෙරෙලෙන මුමුණන සිවුනෙතු 
කවදා දොඩමලුවේද නෙතින් නොව මුවින් අපි 
නුඹ දකින මට දැනෙන සංවේදී අපේ පෙම 
කවර දින මල්වරව හිනැහෙයිද අපේ සිත්