Pages

Wednesday, April 24, 2013


දැහැන

සරා සද මෝදු වී තෙමා වැටි කදුරැල්ල
තරු නෙතට ඉගි කරන් විසිර ගිය හසරැල්ල
කොද කැකුළු පුදින සිසි කැලුම් නල රැල්ල
දර ගනු කෙලෙස තුටු හදවතට සිහිලැල්ල

වනපස මලින් පිදුම් ලැබූ නිරමිසයන්
පරසතු මදාරා අකැප වූ පාරමිතාවන්
වඩන්නට බවුන් නොදැනෙන්න මල් පවන්
මිරිගු දිය නොපැගි පා ඔසන සදරුවන්

හිරු නැගී මල් පිපි සියොත් කල හැඩවී
නෙතු බැදී මන බිදී හද ඇතුරු සරාගී
මල් මන්ද මාරුතේ කැලඹ ගිය නුරාගී
දැහැන් ගත සමාධිය සිත් ඉමෙන් හමාවී

ශෂිකලා දුලශිනි ජි පුංචිහේවා

No comments:

Post a Comment

Please comment