Pages

Friday, June 7, 2013


ජමිලා නුඹ කොයි ගියේ ......


තිරුගු යායේ දුවපැන ඇවිද්ද රුවැත්තියේ ....
ගී ගයමින් ,නටමින් ....සෙවූ තාලය ......
ජමිලා ....නුඹ ජීවමානයි මගේ හිත අද්දර 
විසුරුණු කෙහිරැලි ... තඹවන් දිගු දෑස ....
ජමිලා .....නුඹ ජීවිතය සෙවූ හැටි .....
දුක හිතෙන හැන්ද යාමයට ගුලි කරන් කදුළු බිදු ....
තාරකා අතරින් මග බලන් ස්වාමියා එනු ඇතැයි ....
ගෙවීගිය දවස් යුද්ධයට ශාප කරමින් ....
ජමිලා ..... තිරිගු යායේ හැඟී ... මතුවේවි .....
හද ගැහෙන රිද්මය ... අනේ .... මට ඇහුන ....
නැහුනසේ .... සිටින්නම් මම ......
නුඹේ හිත මං දන්නවා ... යන්න එපා සැගවිලා ....
නුඹ ජීවිතය හොයනකොට ........
පැටලිලා ... මං මගේ හිතට 
අසම්මතය ...නුඹට සම්මත නැ ....
සත්තයි නුඹ අහිංසකයි .... එත් ....
සැගවිලා පලායන නුඹේ රුව නොපෙනී යනකන් 
මං බලන් ඉන්නම් .... නුඹට සුබ දවසක් ....

No comments:

Post a Comment

Please comment